දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
24

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනට බලපා ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හමුවේ අද දිනයේ දී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

අද දිනයේ දී බස්නාහිර, සබරගමු පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු කලාපයේ හටගෙන තිබෙන පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ සහ දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ තුළ ධීවර හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර හා නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

views

930 Views

Comments

arrow-up