බස් දුවන්න ගැමුණු සහනාධාර ඉල්ලයි

මේ වන විට කොවිඩ් වෛරසය ඉතා සීඝ්‍රයෙන් පැතිරීම නිසා බස් රථයක එක් අසුනක එක් මගියකු පමණක් ගමන් කරවීමේ වැඩපිළිවෙළක් කඩිනමින් සූදානම් කළ යුතු බවත් ඒ සඳහා ධාවන වන බස්රථ වලට 50%ක ඉන්ධන සහනයක්ද ලබා දිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
සංචරණ සීමා පැනවීමත් සමග බොහෝ බස්රථ සේවකයින් සිය ගම් බිම් වලට ගොස් ඇති බවත් සුළු පිරිසක් පමණක් බස්නාහිර පළාතේ රැඳී සිටීම නිසා අද දිනයේ පෞද්ගලික බස් ධාවනය බොහෝදුරට අඩු විය හැකි බවද ඒ මහතා පවසයි.
source: divaina
528 Views
Comments