භික්ෂූන් වහන්සේ නමක් ලෙස පෙනී සිටී අයෙක් අත් අඩංගුවට

තම අනන්‍යතාවය සඟවා භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් වෙස් වලාගෙන පිණ්ඩපාතයේ යමින් මුදල් එකතු කළ පුද්ගලයෙක් මිරිහාන පොලීසිය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කරන ලද පරීක්ෂාවකදී 33 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඔහුව අද (01) ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළා.
1366 Views
Comments