A/C එකේ ඉන්න අයට කොරෝනා සුනාමියක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
29

A/C එකේ ඉන්න අයට කොරෝනා සුනාමියක්

A/C එකේ ඉන්න අයට කොරෝනා සුනාමියක්

වායු සමණය කරන ලද ස්ථාන තුළ කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සහ තව අයෙකුට වැළදීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව හෙළි වුණා.

 

මේ දිනවල වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් බිහි වෙන ස්ථාන මෙවැනි වායු සමණය කරන ලෙස සෞඛ්‍ය අංශ විසින් හදුනා ගෙන තිබෙනවා.

 

මේ නිසා ඔබත් බොහෝ දෙනෙකු සිටින ආයතනයක A/C කාමරවල සිටීනම් පරිස්සම් වෙන්න.මේ ගැන වහාම ඔබේ පාලන අංශ දැනුවත් කරන්න.

 

නැත්නම් සිද්ධි වෙන්නේ නිරපරාදේ කොරෝනා හදා ගන්නයි.

 

එබැවින් එවැනි ස්ථාන සෑම විටම නිරාවරණය කර තැබීමට කටයුතු කල යුතු බවවසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද කියා සිටිනවා

 

ඒ නිසා මේ ගැන ඔබ සියලු දෙනා වැඩි අවධානයක් යොමු කරන්න.නැත්නම් අපිට වෙන්නෙත් ඉන්දියාවට වුණු ඉරණමයි

views

850 Views

Comments

arrow-up