මෙරටට ලැබුණු විශාලතම එන්නත් මාත්‍රා තොගය අද උදෑසනම කටුනායකට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
06

මෙරටට ලැබුණු විශාලතම එන්නත් මාත්‍රා තොගය අද උදෑසනම කටුනායකට

මෙරටට ලැබුණු විශාලතම එන්නත් මාත්‍රා තොගය අද උදෑසනම කටුනායකට

චීනයේ බීජිං නුවර සිට පැමිණි UL 869 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් අද අළුයම 5.10 ට පමණ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙනවිත් තිබුණා.

 

මෙය මෙරටට එකවර දී ලැබුණු වැඩිම කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා තොගයද වනවා.

 

මීට අමතරව රුසියාවේ නිෂ්පාදිත තවත් ස්පුටිනික් මාත්‍රා තොගයක් මෙම සතිය තුළදී ලැබීමට නියමිත බව ද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග වාර්තා කරනවා.

 

අද දිනයේ දී ලැබුණු එන්නත් මාත්‍රා මිලියනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට භාරදී ඇති අතර මේ වන විට එම තොගය මධ්‍යම ඖෂධ ගබඩාව වෙත රැගෙන ගොස් ඇති බවද වාර්තා වනවා.

views

1535 Views

Comments

arrow-up