අපි ආරක්ෂාව දෙන්නම්, බය නැතිව ඇත්ත කතා කරන්න - සජිත් සෞඛ්‍ය අංශ වලට කියයි (VIDEO)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති අයිතිය අමාත්‍යාංශ ලේකම් වරයෙකුගේ ලියුමකින් කඩ කිරීමට නොහැකි බවත් ඇත්ත කතා කිරීමට නොබියව ඉදිරියට පැමිණෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය අංශ නිලධාරීන් ගෙන් ඉල්ලා සිටිනවා.
"මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින තත්ත්වය පිළිබඳව කතා කිරීමේ තහංචියක් පනවා තිබෙනවා. අමාත්‍යාංශ ලේකම් වරයෙකුගේ ලියුමකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දෙන අයිතිය සහ ආරක්ෂාව කඩ කරන්න බැහැ. මම කියනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියළුම නිලධාරීන්ට අපි ඔබ සියලු දෙනාටම රැකවරණය ලබා දෙන්නම්. ආරක්ෂාව ලබා දෙන්නම්. ඇත්ත කතා කරන්න මැලි වෙන්න එපා."
සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මෙතරම් දැනුමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය ඇමති තුමිය සෑම දෙනාගෙන්ම ආධාර ඉල්ලා සිටීමේ ඇති වරදක් තමා නොදකින බවත්, ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය කළ ප්‍රකාශය නිවැරදි බවත්, රජයේ ඇමතිවරුන් කියන පරිදි භාණ්ඩාගාරය තුළ ඇති තරම් සල්ලි තිබෙනවා නම් ඒවා දුප්පත් ජනතාවට බෙදා නොදෙන්නේ ඇයිදැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා.
ඊයේ (21) විපක්ෂ නායක කාර්යාලයේ දී සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් ප්‍රකාශ කළා.
1872 Views
Comments