කැබිනට් අමාත්‍ය සංශෝධනයේ තොරතුරු මෙන්න
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
16

කැබිනට් අමාත්‍ය සංශෝධනයේ තොරතුරු මෙන්න

කැබිනට් අමාත්‍ය සංශෝධනයේ තොරතුරු මෙන්න

කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කර තිබේ.


 
ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය ලෙස කටයුතු කල මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දෙනු ලැබිණි.

 

සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අතර ජනමාධ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

 

විදුලිබල ඇමති ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුනි.

 

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස සිටි ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දුන්නේ විදුලිබල අමාත්‍යවරයා ලෙසයි.

views

775 Views

Comments

arrow-up