වර්ජනය අතරතුර වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කරනවාට හෙද නිලධාරීන් රෝහල්වල කබඩ් ලොක් කරලා
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
02

වර්ජනය අතරතුර වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කරනවාට හෙද නිලධාරීන් රෝහල්වල කබඩ් ලොක් කරලා

වර්ජනය අතරතුර වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කරනවාට හෙද නිලධාරීන් රෝහල්වල කබඩ් ලොක් කරලා

හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය අතරතුර ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන්ට හදිසි ප්‍රතිකාර පවා කරගෙන යාමට නොහැකි වන ලෙස කබඩ් අගුල දමා තිබූ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් චෝදනා කරනවා.

 

එම සංගමය නියෝජනය කරමින් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසන්නේ හෙද නායකයින් තමාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කරන බවයි.

 

එමෙන්ම රෝගියෙකු පීඩාවට පත් කිරීමට හෝ රෝගියෙකුගේ ජීවිතය නැති කිරීමට  කටයුතු කිරීම කෙතරම් බුදුදහමට ගැලපෙන්නේ ද යන්නත් ඔහු ප්‍රශ්න කර සිටිනවා.

 

මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසන්නේ සිය ගැටලුවලට විසදුම් නොලැබුනොත් ජූලි 7 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට එළඹෙන බවයි.

 

 

views

1495 Views

Comments

arrow-up