පිළියන්දල කැස්බෑව අධි අවදානම්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
13

පිළියන්දල කැස්බෑව අධි අවදානම්

පිළියන්දල කැස්බෑව අධි අවදානම්

අද දිනයේ පළමු වටය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1075 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමඟ මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 134 602 ක් ලෙසයි.

 

එමෙන්ම අද දිනය තුළ කොරෝනා අසාදිත පුද්ගලයින් 1745 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර පසුගිය 03 වෙනිදා සිට ඊයේ දිනය දක්වා පිළියන්දල සහ කැස්බෑව යන සෞඛ්‍ය බලප්‍රදේශ දෙකෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාධිතයින් 992 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

මේ වන විට පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශවලින් දිනකට කොරෝනා මරණ දෙකක් පමණ වාර්තා වන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කළා. මෙන්ම එය ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බවද ඇය ප්‍රකාශ කළා. එමෙන්ම ඊයේ (12) දිනය තුළ පුද්ගලයින් 92 927 දෙනෙකුට කොරෝනා එන්නත් ලබාදී තිබෙනවා.

views

546 Views

Comments

arrow-up