රවී කරුණානායකට එරෙහි බැඳුම්කර නඩුව කල් යයි

නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කර ඇති හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ තවත් විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහි භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි වංචාව පිළිබඳ නඩුව කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න, මොහොමඩි ඉර්ෂඩීන් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දින කැඳවීමට නියමිතව තිබූ මෙම නඩුව එළඹෙන ජුනි මස 16 වනදා දක්වා කල් දැමීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා.
පවතින අවදානම් තත්ත්වය හේතුවෙනුයි එම නඩුව ලබන මාසය දක්වා කල් දැමීමට තීරණය කර ඇත්තේ.
932 Views
Comments