රන්ජන්ගේ තැනට අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
09

රන්ජන්ගේ තැනට අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි (VIDEO)

රන්ජන්ගේ තැනට අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි (VIDEO)

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු ආසනය සඳහා අජිත් මාන්නප්පෙරුම මහතා අද දින දිවුරුම් දෙනු ලැබුවා.

 

අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කිරීමට කතානායකවරයා ගත් තීරණයත් සමඟ එම මන්ත්‍රී ආසන සඳහා පුරප්පාඩුවක් ඇති විය .

 

ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදී අජිත් මාන්නප්පෙරුම මහතා එම දිස්ත්‍රික්කයේ පස්වන පස් වන ස්ථානය ලබා පස්වන ස්ථානය ලබාගත්තේ මනාප ඡන්ද 47212ක් ලබා ගනිමිනි. ඒ අනුව හිස් ඔහු මන්ත්‍රී ආසනයට ඒ මහතා තෝරා පත් කර ගනු ලැබුණි.

 

 

views

701 Views

Comments

arrow-up