පොලීසියේ සිට 2 Km ක් දුරින් මතුවූ බංකරය (PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
09

පොලීසියේ සිට 2 Km ක් දුරින් මතුවූ බංකරය (PHOTOS)

පොලීසියේ සිට 2 Km ක් දුරින් මතුවූ බංකරය (PHOTOS)

පොලිස් විශේෂකාර්ය බලකාය විසින් මුල්ලේරියාවේ කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු වන සරත් කුමාර නොහොත් චීටි නැමත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මුල්ලේරියාවේ නිවසක භූගත බංකරයක් තුල සැඟවී සිටියදීයි ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන්නේ. මෙම භූගත බංකරය සැඟවීමට මෙන්ම කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැරගෙන එන පුද්ගලයින් සඟවා තැබීමටද භාවිතා කරන්නට ඇති බවට පොලීසිය සැක පල කරනවා.

 

44 හැවිරිදි මෙම සැකකරු පසුගිය 12 වන දා වැලිගමදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 112 සම්බන්ධයෙන්ද අත්‍යාවශ්‍යව සිටි පුද්ගලයෙකු බවයි පොලීසිය පවසන්නේ.

 

මෙම භූගත බංකරය තිබූ නිවස සහ පොලීසිය අතර දුර කිලෝමීටර 2 පමණ වන බවද වාර්තා වෙනවා.

 

අත්අඩංගුවට ගත් චීටි අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බවද පොලීසිය ප්‍රකාශ කරනවා.

 

 

 

views

757 Views

Comments

arrow-up