JUN
16
කසළ ගොඩක පිපිරීමකින් කාන්තාවකට තුවාල

මුලතිව් - පුදුකුඩුඉරිප්පු - ඉරණපලෙයි ප්‍රදේශයේ කසළ ගොඩක් අසල සිදුවූ පිපිරීමක් හේතුවෙන් කාන්තාවක් තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඊයේ අදාළ කාන්තාව තම නිවස අසල වූ කසල ගොඩට ගිනි තැබීමට ගිය අවස්ථාවේදී මෙම පිපිරීම සිදු වී ඇති අතර පිපිරීම හේතුවෙන් 64 හැවිරිදි අදාළ කාන්තාව සුළු තුවාල ලබා තිබෙනවා. කෙසේ නමුත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
1076 Views
Comments