දින තුනෙන් ඔක්සිජන් ගේන්න හදිසියේම ඉන්දියාවට යන "ශක්ති"

හදිසි ඔක්සිජන් තොගයක් මෙරටට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් " ශක්ති" යුද නෞකාව ත්‍රිකුණාමල වරායෙන් චෙන්නායි බලා අද රාත්‍රීයේ පිටත්ව යයි.
මෙම නෞකාව දින එකහාමාරකින් පමණ ගමානාන්තය බලා ලගා වීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.
ශක්ති නෞකාව වර්ෂ 1995 දී ශ්‍රීලංකා නාවික හමුදා මෙහෙයුම් සඳහා එක් වී තිබුනා.
ශක්ති නෞකාව යුද්ධය පැවැති කාලයේදී යාපනය අර්ධද්වීපය වෙත යුද උපකරණ ප්‍රවාහනය කිරීම සඳහා ද වැඩි වශෙයෙන් යොදා ගෙන තියෙන්නේ.
ශක්ති චීනයේ නිෂ්පාදනය කළ නෞකාවක් ද වනවා.
815 Views
Comments