අවුරුද්දේ ඉන්ධන නැති වීමේ අවධානමක් !
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
11

අවුරුද්දේ ඉන්ධන නැති වීමේ අවධානමක් !

අවුරුද්දේ ඉන්ධන නැති වීමේ අවධානමක් !

එළඹෙන උත්සව සමයේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

 

පෙර වසර වලදී අප්‍රේල් මුල සතියේ සිදු කරන මාර්තු මාසයේ ගෙවීම මෙවර සිදු කර නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

මාර්තු මාසයේ ගෙවීම් අප්‍රේල් මස 7 වැනිදා සාමාන්‍යයෙන් සිදුකරන අතර මෙවර එය සිදු නොකිරීම හේතුවෙන් තමන් මහත් අර්බුදකාරී තත්වයකට මුහුණ දී ඇති බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

 

මේ හේතුවෙන් සේවකයන් සේවයට වාර්තා කිරීම අඩු වුවහොත් අවුරුදු සමයේ තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

views

599 Views

Comments

arrow-up