JUL
02
Osaka - Kansai Expoහි වට්ටම් සහිත ප්‍රවේශපත්‍ර නිකුත් කෙරේ

2025 Osaka-Kansai Expo සඳහා වට්ටම් සහිත ප්‍රවේශපත්‍ර ලබාදීම ආරම්භ කර ඇත.
අප්‍රේල් 13 සිට ඔක්තෝබර් දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
මේ අනුව එක්දින ප්‍රවේශපත්‍ර මිල වයස අවුරුදු 18 සහ ඊට වැඩි සහභාගිවන්නන් සඳහා යෙන් 7,500 ක්, වයස අවුරුදු 12-17 සඳහා යෙන් 4,200 ක්, වයස අවුරුදු 4-11 සඳහා යෙන් 1,800 ක් සහ වයස අවුරුදු 3 සහ ඊට අඩු ළමුන් සඳහා නොමිලේ වේ.
අප්‍රේල් 13 සිට අප්‍රේල් 26 දක්වා ප්‍රදර්ශනයේ පළමු සති දෙක සඳහා අත්තිකාරම් ප්‍රවේශපත්‍ර මිල වැඩිහිටියන් සඳහා යෙන් 4,000 වේ. එය සාමාන්‍ය එක්දින ප්‍රවේශපත්‍රයක මිලෙන් අඩකට ආසන්නය.
345 Views
Comments