JUN
26
ඔකිනාවාහි වැසි සමය අවසන් වේ

කාලගුණ බලධාරීන් පවසන්නේ ජපානයේ නිරිතදිග ඔකිනාවා ප්‍රදේශයේ වැසි සමය ඊයේ (25) අවසන් වූ බවයි.
මේ අනුව බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඔකිනාවා ප්‍රාන්තයේ තාප ආඝාතය පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
නිලධාරීන් පවසන්නේ ඊයේ පෙරවරු 11.30 වන විට ෂිමෝජිෂිමා ගුවන්තොටුපලේ උෂ්ණත්වය අංශක 31.6 දක්වාත් මියාකොජිමා නගරයේ හිරාරාහි අංශක 31.4 දක්වාත් ඉහළ ගිය බවයි.
ප්‍රාන්තය පුරා උණුසුම් කාලගුණය දිගටම පවතිනු ඇත.
281 Views
Comments