ජපානයේ මරණ අනුපාතය ඉහළට

ජපානයේ මරණ සංඛ්‍යාව පසුගිය වසරේ මිලියන 1.56 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1899 න් පසු වාර්තා වූ ඉහළම අගයයි.
2022 ජන විකාශන දත්ත පෙන්නුම් කරන්නේ මරණ සංඛ්‍යාව පෙර වසරට වඩා සියයට 8.9 කින් ඉහළ ගොස් ඇති බවයි.
ඉන් සියයට 24 ක් මරණවලට හේතුව පිළිකා ය. පුද්ගලයන් සියයට 14 ක් හෘද රෝගවලින් මියගොස් ඇති අතර සියයට 11 ක් මහලු විය නිසා මියගොස් ඇත.
පසුගිය වසරේ කොරෝනා වෛරසය හේතුවෙන් ද පුද්ගලයින් 47,635 දෙනෙකු මියගොස් තිබේ.
ජාතික ජනගහන හා සමාජ ආරක්ෂණ පර්යේෂණ ආයතනය අනාවැකි පළ කරන්නේ ජපානයේ වාර්ෂික මරණ සංඛ්‍යාව 2040 දී මිලියන 1.67 දක්වා ඉහළ යනු ඇති අතර 2070 වන විට මිලියන 1.5 ට වඩා වැඩි වනු ඇති බවයි.
312 Views
Comments