ෆුජි සුගත සේනාසනයේ පොහොය විනය කර්මයක් සිදු කෙරේ

ගිම්හාන ඍතුවේ අවසාන පොහොය දිනය වූ පෙරේදා (01) දින පොහොය විනය කර්මය ෆුජි සුගත සේනාසනස්ථ “සිරි සුමන සාමග්‍රී බද්ධ සීමා” වේදී සිදුකර තිබේ.
ඒ අනුව සියලුම ස්වාමින් වහන්සේලා ඊයේ (02) සිට තමතමන් වහන්සේලා වැඩසිටින විහාරස්ථාන වල වස් සමාදන් වනු ඇත.
අමරපුර අරියවංස සද්ධම්මයුත්තික මහා නිකායේ ශ්‍රීමත් මහානායක මාහිමිපානන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ෆුජි සුගත සේනාසනය, කුමගයා අනඳමෙත් විහාරය, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, තොචිගි පාරමිතා භාවනා මධ්‍යස්ථානය, චිබා නගරාමචි ආරියනිකේතනය, ඉබරකි යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානය, නගනො මහාබෝධි විහාරය යන විහාරස්ථාන ගණනාවකින් මහා සංඝ රත්නය 22 නමක් මේ සඳහා සහභාගී විය.
318 Views
Comments