ජපන් කෑම

ජපන් ආහාර ඇත්තෙන්ම අලංකාරවත්ය. එපණක් නොව ශරීරයට ගුණදායකය මෙන්ම ඉතා රසවත් බව කිව යුතුය. ජපන් ආහාරවල ගුණාත්මක බව පිළිබදව ඇත්තන්ම දෙවරක් සිතිය යුතු නැත. ජපන් බොහෝ ආහාරයන්හි තෙල් ප්‍රමාණය,ලුණු ප්‍රමාණය ඇත්තන්ම අඩුය. ජපානයට ගිය මුල් කාලයේ ඇත්තෙන්ම ජපන් ආහාර වර්ග ගැනීමට එතරම් කැමැත්තක් නොදැක්වුවත් පසුව එයට හුරු වීමට හැකි විය. ලාංකියන් ලෙස ‘කටට සැරට’ ආහාර ගැනීමට කැමැත්තක් දැක්වීම එයට හේතුව ලෙස දැකිය හැක.
ඇත්තෙන්ම ජපනුන් ආහාරවලට දක්වන්නේ පුදුමාකාර ගරුකිරිමකි. ඔවුන් ආහාර ගැනීමට ප්‍රථම දෙඅත් එක් කර වැඳ ‘ඉතාදකිමසු’ (ithadakimasu) යනුවෙන් ප්‍රකාශ කර ආහාර ගැනීම අරභයි. ආහාර ගත් පසුව ස්තුතියි කිරීමට ‘ගොචිසෝසමදෙශිතා'(gochisosamadeshita) යනුවෙන් ප්‍රකාශ කරයි.
459 Views
Comments