ජපන් දරුවන්ගේ ආහාර ගැනීම

ජපන් දරුවන් අවුරුදු 2-3 කාලයේ සිටම පුටුවෙහි වාඩි වී මේසයට ලංව ආහාර ගැනීමට පුරුදු කිරීම බහුලව සිදුවේ.
ජපන් මව්වරුන් කාර්යබහුලය.ඔවුන්ට එක් දරුවෙක් වෙනුවෙන් බොහෝ කාලයක් ගත කිරීමට නොහැකිය.එපණක් නොව තමන්ගේ වැඩ තනිව කර ගැනීමට කුඩා කල සිටම හුරු කිරීමේ ආරම්භය වශයෙන් මෙය සිදු කරයි. එහෙත් ලංකාවේ මෙම ස්වරුපය තරමක් වෙනස්ය. එයට හේතුව දරුවන්ට ඇති අසීමට සෙනහසද නැත්තම් දරුවාට යමක් තනිවම කිරීමට හැකියාවක් නොමැති යැයි සිතීමද යන්න නොවැටහේ. ලංකාවේ බොහෝවිට අවුරුදු 6-7 ක කාලය වන තුරුම මව විසින් ආහාර ලබා දෙන ස්වරුපයක් ලක්නට ලැබේ.
ලාංකිකයන් මෙය මව් සෙනෙහසින් දුටුවත් ජපනුන්ගේ ජීවන රටාව තුල මෙය ඇත්තෙන්ම අදහාගත නොහැකි කරුණකි.
490 Views
Comments