ඔටුන්න ගැලවූ කැරොලීන් සහ චූලා අත්අඩංගුවට

මීට දින කිහිපයකට පෙර මිසිස් ශ්‍රී ලංකා තරඟයේ ජයග්‍රහකයා පිළිබඳව ඇති වූ අර්බුදකාරී තත්ත්වයට අදාළව බලහත්කාරයෙන් ඔටුන්න ගලවා ගත් කැරොලීන් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර අද දින කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ් තරගයේ ජයග්‍රාකාව ලෙස විනිසුරු මඩුල්ල විසින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය තෝරා ගනු ලැබුවා. නමුත් මීට පෙර මිසිස් ශ්‍රී ලංකා හා මිසිස් වර්ල්ඩ් ලෙස තෝරාපත් වූ කැරොලීන් ජූරි විසින් පුෂ්පිකා දික්කසාද වී ඇති බව පවසමින් ඇගේ කිරුල ගලවා තරඟයේ දෙවන ස්ථානය ලබා ගත් තරගකාරියට පැලඳීම සමාජයේ දැඩි කතා බහට ලක් විය.
ඔටුන්න ගලවා ගැනීමේ දී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ හිසට තුවාල ද සිදුවී තිබුණා. ඇය මෙම සිදුවීම් පිළිබඳව පොලීසියට සිදුකළ පැමිණිල්ලට අනුව අද දින මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
969 Views
Comments