ආණ්ඩුවට ජනතාව දෝෂාරෝපණ එල්ල කරන්නේ ජනාධිපති තුමා හිට්ලර් කෙනෙක් නොවුණු නිසායි (VIDEO)

වර්තමාන ආණ්ඩුව යම් යම් දෝෂාරෝපණ වලට ලක්වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු නොවීම නිසා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදීයි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ආණ්ඩුවට ජනතාව චෝදනා කරනවා නම් චෝදනා කරන්නේ ජනතාව බලාපොරොත්තු වුණා වගේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති උනාට පස්සේ යම් මට්ටමකට ඒකාධිපති පාලනයක් කරගෙන යයි කියලා.
නමුත් දැන් ඔහු හිට්ලර් කෙනෙක් නොවීම තමයි මේ දෝෂාරෝපණ වලට හේතු වෙලා තියෙන්නේ.
ඒක මම උනත් පිළිගන්නවා.
එතුමාට ඡන්දය දීපු 69 ලක්ෂයේ ජනතාව බලාපොරොත්තු වෙනවා එතුමා යම් විදියක හිට්ලර් කෙනෙක් විය යුතුයි කියලා.
එහෙම නොවුනාට එතුමාට දොස් කියනවා. එතුමා කැමැත්තක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ එකසැරේ හිට්ලර් කෙනෙක් වෙන්න.
සමහර අංශ ක්‍රියාත්මක වෙන විදියට එතුමා හිට්ලර් කෙනෙක් වෙන විදියට තල්ලු කෙරුවොත් එතුමා හිට්ලර් කෙනෙකු වෙයි. එතකොට කවුරුවත් දොස් කියන්වැති වෙයි. කටයුතු හොඳින් සිදු වෙයි."
යනුවෙන් පැවැසුවා.
853 Views
Comments