නව සන්ධානයේ නායකත්වය කුමාර වෙල්ගමට

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් 'අපි ශ්‍රී ලංකා' නමින් නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.
නාවල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒයට සහභාගී වූ අනෙකුත් පක්ෂ වන්නේ එක්සත් වාමාංශික පෙරමුණ, ලංකා ජනතා පක්ෂය, ප්‍රගතිශීලි ජාතික සේවක පක්ෂය, ජාතික ජනතා පක්ෂය, ජාතික ජනතා ව්‍යාපාරය, එක්සත් සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණ ය.
851 Views
Comments