ඔන්ලයින් නිසා ඇස් ලෙඩ වෙයි

පවතින කොරෝනා වසංගතය හේතුවෙන් සියලු පාසල්,උපකාරක පන්ති වසා දමා ඇත.මෙම නිසා සියලුම අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයට හෙවත් ඔන්ලයින් සිදු කිරීමට ගුරුවරුන් සහ අදාළ අංශ යොමු වී ඇත.
මාර්ගගත අධ්යාපනයට සිසුන් වැඩි වශයෙන් යොමු වීම නිසා ඔවුන්ගේ අක්ෂි දෝෂ හා මානසික ව්‍යාකූල තත්වයන් වැඩි වශයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පාසල් අවධියේ කුඩා දරුවන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අක්ෂි සායන වෙත පැමිනීමක් නිරීක්ෂණය වන බව මාතර මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත ඉද්දවෙල මහතා සදහන් කරයි.
953 Views
Comments