MAY
19
සංචරණ සීමා ඇති සියලු දිනවල ආර්ථික මධ්‍යස්ථාන වැසේ

මේ මස 21 වනදා සිට 24 වන දා දක්වා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර තිබෙනවා.
සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පිරිස අඩු වීම මෙයට හේතුවයි.
ඒ අනුව සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව එනම් මැයි මස 25 වනදා උදෑසන 4 සිට මැනිං වෙළඳපොළ හා ආර්ථික මධ්‍යස්ථාන සියල්ලම විවෘත කර 26 වන දා සිට 28 වනදා දක්වා සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීමට නියමිතයි.
978 Views
Comments