කුරුවිට තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් - දේහය ඥාතීන් වෙත
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
09

කුරුවිට තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් - දේහය ඥාතීන් වෙත

කුරුවිට තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් - දේහය ඥාතීන් වෙත

කොළඹ වේල්ල වීදියේ දමා ගිය බෑගයක තිබී හමුවූ හිස නැති තරුණියකගේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කර තිබෙනවා.

 

ඇයගේ හිස කොටස සොයා ගන්නා තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නොහැකි වී තිබුණා.

 

අනතුරුව ඇයගේ සහෝදරයා ගැන සහ මව ගෙන් ලබාගත් DNA සාම්පල සසඳා බැලූ අතර එහි වාර්තාව අද නිකුත් වී තිබුණා.

 

DNA සාම්පල සැසඳීම හේතුවෙන් ඝාතනයට ලක්ව ඇති තරුණිය කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි තරුණිය බවට තහවුරු වී තිබෙනවා.

 

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කර ඇති අතර දේහය ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බවයි වේල්ලවීදිය පොලීසිය පවසන්නේ.

views

908 Views

Comments

arrow-up