15 හැවිරිදි දැරිය විකුණු වෙබ් හිමිකරුගේ බැංකු ගිණුමක කෝටි 5ක් - අඩනිරුවත් ජායාරූප ලක්ෂ ගණනින් මතුවේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
15

15 හැවිරිදි දැරිය විකුණු වෙබ් හිමිකරුගේ බැංකු ගිණුමක කෝටි 5ක් - අඩනිරුවත් ජායාරූප ලක්ෂ ගණනින් මතුවේ

15 හැවිරිදි දැරිය විකුණු වෙබ් හිමිකරුගේ බැංකු ගිණුමක කෝටි 5ක් - අඩනිරුවත් ජායාරූප ලක්ෂ ගණනින් මතුවේ

15 හැවිරිදි දැරිය ලිංගික ශ්‍රමිකයෙකු ලෙස අළෙවි කිරිමේ ප්‍රධාන වෙබ් අඩවියක් වන ලංකා ඇඩ්ස් හී හිමිකරුගේ බැංකු ගිණුමෙහි රුපියල් කෝටි 5 ක පමණ මුදලක් බැර වී ඇතැයි මෙතෙක් සිදු කළ් රහස් පොලිස් විමර්ශන වලදී හෙළිව තිබෙනවා.

 

පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු අත්අඩංගුවට ගත් අතර මේ වසරේ පමණක් දැනට ඔහු මෙම වෙබ් අඩවිය ඔස්සේ රුපියල් කෝටි තුනක මුදලක් සොයා ගෙන ඇතැයි වාර්තා වෙන්නේ.

 

දිනකට විවිධ ගණිකා මධ්‍යස්ථාන ඇතුළු විවිධ පාර්ශව වලින් මෙහි ලිංගික කටයුතු පිළිබඳ දැන්වීම් විශාල ගණනින් පළ කර බවත් හෙළිව තිබෙනවා.

 

මේ වන විට මෙම වෙබ් අඩවිය අත්හිටුවා ඇති අතර මෙම වෙබ් අඩවියේ දැන්වීම් පළ කරමින් ගණිකා ජාවාරම සිදුකළ අය ගැනද විමර්ශන ආරම්භ වී තිබෙනවා.

 

මෙම වෙබ් අඩවිය සහ රෙඩ් රෝස් නැමැති වෙබ් අඩවියේ මෙම දැරිය වැඩිපුර අළෙවි වී ඇතැයි ද මේ වන විට අනාවරණය වී අතර මෙම වෙබ් අඩවිවල පිරිමි ගණිකාවන්ද සිට ඇති බවත් හෙළිව තිබෙනවා.

 

එසේම සේවාදායකයාට තමන් කැමති කාන්තාවන් තුනක් හෝ ඊට වැඩි ගණනක් සමඟද සිටිම සඳහා මෙම වෙබ් අඩවිවල පහසුකම් සපයා ඇතැයි වාර්තා වෙන්නේ.

 

දැනට මෙම වෙබ් අඩවිවල ලක්ෂ ගණනින් පළ වූ අඩනිරුවත් ජායාරූප ද සොයා ගෙන තිබෙනවා

views

4844 Views

Comments

arrow-up