පනත සම්මත කළොත් සංචරණ සීමා නොතකා පාරට බහිනවා - අන්තරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
16

පනත සම්මත කළොත් සංචරණ සීමා නොතකා පාරට බහිනවා - අන්තරේ

පනත සම්මත කළොත් සංචරණ සීමා නොතකා පාරට බහිනවා - අන්තරේ

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත එළැඹෙන 22 වනදා ආරක්ෂක අමාත්‍යාංශ කාරක සභාවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (15) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියා.

 

යම් ආකාරයකින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ කළහොත් මෙරට සංචරණ සීමා නොතකා ශිෂ්‍ය ව්‍යාපාරය පෙළගස්වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

views

1092 Views

Comments

arrow-up