අභිරහස් ලෙස මිය ගිය අලි ඇතුන් 7 දෙනා ගැන නීතිපති වාර්තාවක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
20

අභිරහස් ලෙස මිය ගිය අලි ඇතුන් 7 දෙනා ගැන නීතිපති වාර්තාවක්

අභිරහස් ලෙස මිය ගිය අලි ඇතුන් 7 දෙනා ගැන නීතිපති වාර්තාවක්

පසුගිය කාලයේ හබරණ ප්‍රදේශයේ අභිරහස් ලෙස අලි ඇතුන් හත් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තාව සති දෙකක් ඇතුළත අධිකරණ හමුවේ ගොනු කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

 

මෙම අභිරහස් මරණ සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මේ බව සඳහන් කර සිටියා.

 

පෙත්සම්කරුවන් පෙත්සම හරහා ඉල්ලා සිටියේ මෙම අලි ඇතුන් හත් දෙනා මරණයට පත්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි.

 

කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය නඩුව නැවතත් ඔක්තෝම්බර් මස 26 වන දා කැඳවීමට දින නියම කළා.

views

814 Views

Comments

arrow-up