වතු කම්කරු වැටුප 1000 ක් කිරීමට විරුද්ධව වතු සමාගම් 20 ක් අධිකරණයට

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18 දෙනෙකු නම් කර ඇත.
මෙලෙස හදිසියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම වතු කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයට පත් කරන බව පෙත්සම්කරුවන් පවසා සිටියි .
වතු සමාගම් විසින් රජයට බදු මුදල් ගෙවීමට ඇති බවත් මෙම වැටුප් වැඩි කිරීම එම කර්මාන්තය දැඩි අර්බුදකාරී තත්ත්වයට පත් කිරීමක් බව පෙත්සම්කරුවන් පවසා සිටියි .
729 Views
Comments