පාසලේ නිධන් හෑරූ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

බිබිල මැදගම ප්‍රදේශයේ පාසලකට අයත් භූමියක නිධන් හාරමින් සිටි එම පාසලේම විදුහල්පති ඇතුළු 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත කරන ලද මෙම වැටලීමේදී සැක්කරුවන් සමග ඔවුන් සතුව තිබූ උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් විදුහල්පතිවරයා මීට් පෙරද නිධන් හෑැරීමේ චෝදනාවන් මත අත්අඩංගුවට ගෙන තිබෙන බවටද වාර්තා වනවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
800 Views
Comments