කොවිඩ් තාමත් සමාජගත වෙලා නෑ - සෞඛ්‍ය අංශ කියයි

මෙරට තුල කොවිඩ් වෛරසය සමාජගත වී ඇති බවට තහවුරු කිරීමට සාධක නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
සමාජයේ විවිධ ස්ථානවලින් රෝගය වැළඳුණු ආකාරය හඳුනාගත නොහැකි රෝගීන් විශාල ප්‍රතිශතයක් වාර්තා වේ නම් එය සමාජ ව්‍යාප්තියක් බවට ප්‍රකාශ කළ හැකි නමුත් මේ වන විට හමුවන රෝගීන්ගෙන් වැඩි පිරිසක් ආශ්‍රිතයන් හඹා යෑමෙන් හඳුනා ගන්නා බවත් සුළු ප්‍රතිශතයක් පමණක් සමාජයෙන් හඳුනා ගන්නා නිසා එය සමාජ ව්‍යාප්තියක් ලෙස හදුන්වා දිය නොහැකි බව ඒ මහතා සඳහන් කළා.
source: hirunews
946 Views
Comments