මේ වසර අවසන් වන විට ලංකාවේ 63% කට එන්නත ලබා දීමට හැකියි - පවිත්‍රා වන්නිආරච්චි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
04

මේ වසර අවසන් වන විට ලංකාවේ 63% කට එන්නත ලබා දීමට හැකියි - පවිත්‍රා වන්නිආරච්චි

මේ වසර අවසන් වන විට ලංකාවේ 63% කට එන්නත ලබා දීමට හැකියි - පවිත්‍රා වන්නිආරච්චි

මෙම වසර ඇතුළත මෙරට ජනගහනයෙන් 63% කට වඩා සම්පූර්ණයෙන්ම එන්නත්කරණයට ලක් කර අවසන් කිරීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

 

මේ වන විට රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මාත්‍රා මිලියන 13 ක් ඇනවුම් කර තිබෙන බවත් ඉන් පළමු එන්නත් මාත්‍රා 15000 අද දිනයේ දී මෙරටට ලැබුණු බවත් ඉදිරි කාලය තුළ තවත් එන්නත් මිලියන 13 ක් කොටස් වශයෙන් ලැබීමට නියමිත බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

 

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා සහ සහ ෆයිසර් එන්නත් ද මෙම වර්ෂය තුළ ලැබීමට නියමිත බවත් මේ වනවිට එම එන්නත් නිෂ්පාදනය කරන ආයතන සමඟ ගිවිසුම්ගතව අවසන් බවත් ඇය සඳහන් කළා.

 

ජනතාවගෙන් 60%ක් එන්නත්කරණය කිරීම රජයේ ඉලක්කය වුවත් එම සීමාව ඉක්මවා කටයුතු කිරීමේ හැකියාව මේ වනවිට පවතින බවද ඇය ප්‍රකාශ කළා. එමෙන්ම චීන එන්නත සඳහාද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු වහාම අවශ්‍ය කරන අමතර එන්නත් ප්‍රමාණය ලබාදීමට චීනය පොරොන්දු වී ඇති බව ඇය ප්‍රකාශ කළා.

views

838 Views

Comments

arrow-up