තිදරු පියාව පොලු‍ මුගුරුවලින් පහරදී මරා වෙල්යායක දමා ගිහින්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
AUG
09

තිදරු පියාව පොලු‍ මුගුරුවලින් පහරදී මරා වෙල්යායක දමා ගිහින්

තිදරු පියාව පොලු‍ මුගුරුවලින් පහරදී මරා වෙල්යායක දමා ගිහින්

පොලු‍ මුගුරුවලින් පහරදී ඝාතනය කරන ලදැයි සැක සිතිය හැකි පුද්ගලයකුගේ මළ සිරුරක් අද(09) අලු‍යම පිටිගල - කරව්ව වෙල්යායේ දමා ගොස් තිබියදී සොයාගත් බව පිටිගල පොලීසිය පවසයි.

 

පිටිගල මන්නගොඩ පදිංචි නිහාල් අතුකෝරළ නැමැති 57 හැවිරිදි තිදරු පියෙකුගේ මල සිරුර මෙසේ සොයා ගනු ලැබූ බව පොලීසිය පවසයි.

 

මිය ගිය පුද්ගලයා යම්කිසි කාරණයකට නිවසින් පිටව ගොස් ඇති බවත් කිසියම් කතාවක් දුර දිග යාමෙන් පසු ඔහුට පිරිසක් පොලු‍ මුගුරුවලින් පහරදී ඝාතනය කර එම වෙල් යායේ දමා යන්නට ඇති බවට සැකකරන බවත් පොලීසිය සඳහන් කරයි.

 

නිවසින් පිටව ගිය පුද්ගලයා නැවත නිවසට නොපැමිණීම සම්බන්ධව කල දැනුම් දීම අනුව සිදු කළ සොයා බැලීමේදී ඔහුගේ සිරුර කරව්වවෙල් වෙල්යායේ තිබියදී හමුවී ඇති බවත් පොලිසිය පවසයි.

views

5511 Views

Comments

arrow-up