අධිවේගී මාර්ගයේ වාහන එක පෙලට ගැටෙයි

අද උදෑසන කාලයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සිට කැළණිගම දක්වා වූ ප්‍රදේශය තුළ ගමන් ගත් වාහන එකිනෙකට ගැටීමෙන් අනතුරු කිහිපයක් සිදුවී තිබෙනවා.
මේ අතරතුර වාහන 5 ක් එකිනෙක ගැටීමේ සිද්ධියක්ද දක්ෂිණ අධිවේගී මාර්ගයේ එම ප්‍රදේශයෙන්ම වාර්තා වෙනවා. අද උදෑසන කාලයේදී සිදුවූ මෙම අනතුරු වලට හේතු වී ඇත්තේ අධිවේගී මාර්ගයේ පැවති අධික වාහන තදබදයයි.
කෙසේ නමුත් මෙම වාහන අනතුරු වලින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදුවී නැහැ.
මේ දිනවල උත්සව සමය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්, වාහන අතර නියමිත දුර පවත්වාගෙන තම වාහන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ගය භාවිතා කරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
763 Views
Comments