පළාත් කිහිපයකට අදත් වැසි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
27

පළාත් කිහිපයකට අදත් වැසි

පළාත් කිහිපයකට අදත් වැසි

අද දිනයේ දී මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද, නැගෙනහිර පළාත් වලත් මුලතිව්, වව්නියා, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයක සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

අද උදෑසන කාලයේදී බස්නාහිර සහ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලට ද වැසි ස්වල්පයක් බලාපොරොත්තු විය හැකිය.

 

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ අතුරින් මන්නාරමේ සිට පොතුවිල් දක්වා විහිදී ඇති මුහුදු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇති විය හැකි ය.

 

මීට අමතරව කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-30 සිට පැයට කිලලෝමීටර 40-45 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

 

බේරුවල සිට පොතුවිල් දක්වා ගාල්ල, හම්බන්තොට හරහා විහිදී ඇති මුහුදු ප්‍රදේශය අද දිනයේ දී විටින් විට රළු විය හැකි බවත් කාලගුණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

views

710 Views

Comments

arrow-up