ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුතුයි - ඉන්දියාව දන්වයි

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතු බව ඉන්දියාව පවසා තිබෙනවා.
තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ මන්ත්‍රීවරයෙකු වෙත ලිපියක් යොමු කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මේ බව පවසා තිබෙනවා.
මෙරට ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියලු පළාත් සභා ක්‍රියාත්මක වීම සහතික කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඉදිරියේ දී ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ඉන්දියාවේ මෙම ස්ථාවරය දිරිපත් කළ යුතු බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් ඉන්දියාව, ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාවේ දී ලංකාවට පක්ෂව හෝ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ද නැහැ.
918 Views
Comments