කොරෝනාවෙන් අසරණ වූ යාචකයන්ට පොලීසියෙන් කෑම බීම (PHOTOS)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පනවා ඇති සංචරණ සීමා නිසා පීඩාවට පත්ව සිටින කොළඹ නගරයේ සහ මීගමුව නගරයේ යාචකයින්ට අඛණ්ඩව අද දිනයේදීත් ශ්‍රී ලංකා පොලිසිය විසින් පිසනු ලැබූ දිවා ආහාරය ලබා දීම සිදු කෙරුණා.
මීට අමතරව අද දිනයේ දී තලංගම පොලිස් වසමේ අඩු ආදායම් ලාභී පවුල් 300 ක පුද්ගලයින් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම ද සිදු කෙරුණා.
මෙරට වැඩිම කොට්ඨාස පිරිසක් හමුවන්නේ බස්නාහිර පළාතෙන් වන අතර ඒ හේතුවෙන් අද දිනයේදී මීගමුව පොලිස් කොට්ඨාශය මගින් මීගමුව පොලිස් බල ප්‍රදේශය තුල ජංගම පිරිත් සජ්ඣායනාවක් ද ඇරඹීම සිදුකළා.
1550 Views
Comments