AUG
26
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ජපානයට

කිටගුචි හරුකා ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ පළමු ජපන් ක්‍රීඩිකාව බවට පත්ව ඇත.
බුඩාපෙස්ට් හි දී මෙම තරඟය පැවැත්වුණි.
ඇය පළමු වටයේදී මීටර් 61කට වැඩි දුරක් හෙල්ල විසි කළ අතර තෙවැනි වටයේදී මීටර් 63ක් විසි කරමින් දෙවැනි ස්ථානයට පැමිණියාය.
පසුව ඇගේ අවසන් විසි කිරීමේදී මීටර් 66ක් සෙන්ටිමීටර් 73ක් දුරට හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනා ගත්තාය.
596 Views
Comments