JUN
19
මිසුකෝ ප්‍රදේශයේ ඖෂධ වෙළඳසැලක් කොල්ලකෑමට ලක්වේ

ඊයේ (18) රාත්‍රී 10.15 ට පමණ සයිටමා ප්‍රාන්තයේ ෆුජිමි නගරයේ මිසුකෝ හි පිහිටි ඖෂධ වෙළඳසැලක් කොල්ලකෑමට ලක්ව තිබේ.
කොල්ලකරු වෙළඳසැලේ අයකැමිට පිහියක් පෙන්වා තර්ජනය කර යෙන් ලක්ෂ පහක පමණ මුදලක් රැගෙන පලාගොස් ඇත. එම අවස්ථාවේදී වෙළඳසැල තුළ ගනුදෙනුකරුවන් කිහිපදෙනෙකු සිටි නමුත් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
240 Views
Comments