ජපානයේ හිඟා කෑම ගැන අපේ කෙල්ලෙක් කිව්ව කතාව

ජපානය ලොව තුන්වන හොඳම ආර්ථිකයට හිමිකම් කියන දියුණු රටක් උනත් homeless අයත් මෙහෙ ඉන්නවා. රෑට පාලම් යට, පදික වේදිකා වල වගේම වෙළඳ වීදි තමයි ඔවුන්ගේ වාසස්ථාන... හැබැයි බිම් එළිය වැටෙනකොට ඔවුන් ඒ ඒ තැන් වලින් අයින් වෙලා යනවා... නැවතත් එන්නේ මහ රෑට.
ඔවුන්ව දකිද්දි මට දුකයි සීත ඍතුව කොහොම දරාගන්නවා ඇත්ද? මහ වැස්සට, කුණාටු වලින් පරිස්සම් වෙන්න කොච්චර වෙහෙසක් ගන්නවා ඇත්ද? ඇයි භූමිකම්පා
අපේ භාෂාවෙන් කියනවා නම් ඔවුන් හිඟන්නො ඒත් ජපන් නීතියට අනුව හිඟා කෑම සපුරා තහනම්... හිඟා කාලා අහුවුණොත් එය වැටෙන්න අපරාධ ගණයට. මොකද ජපානය මේ ගැන කියන්නෙ තමා හිඟමනට වැටීම සම්පූර්ණ වැරැද්ද තමාගේ කියලා එය වෙනත් කෙනෙකු නිසා ඇති වූවක් නොවේ කියලා. එම නිසා මෙහෙ කිසිම homeless කෙනෙක් කිසිම කෙනෙක් පස්සෙන් ගිහින් සල්ලි ඉල්ලන්නෙවත් කන්න බොන්න ඉල්ලන්නෙවත් නෑ. දුන්නත් එපා කියනවා. එයාලා සල්ලි ටිකක් හොයා ගන්නෙ කුණු බක්කි වල ඇති ටින් තලලා ඒවා රීසයිකල් කරන තැන්වලට දීලා. මං උදේට දැකලා තියෙනවා ඔවුන් ඔවුන්ගේ බයිසිකල් වල පිටිපස්සෙ තියාගෙන විශාල මලු ගණන් එහෙම ටින් එකතු කරගෙන යනවා.
ඊයේ මං අහම්බෙන් වගේ දැක්කා පාලමක් යට එහෙම homeless මනුස්සයෙක් නිදන් ඉන්නවා... සාමාන්‍යයෙන් මං වැඩ ඇරිලා යන වෙලාවට homeless අය නෑ මොකද එයාලා එන්නේ මහ රෑ නිසා. හස්බන්ඩ් නම් කියන්නෙ එයා හැමදාම එතන ඉන්නවා කියලා හස්බන්ඩ් එන්නේ පාන්දරනෙ. කොහොම හරි ඒ මනුස්සයා ඊයේ කලින් ඇවිත්... ගෙදරට බඩු ටිකකුත් අරන් ගෙදර යන්න ගිය මම ආයෙත් හැරිලා කඩේට ගිහින් ඒ මනුස්සයට කන්න බොන්න ටිකක් අරගෙන හෙමීට ඔහු අසලින් ඒ මල්ල තියලා ආවා. ඔහු හිටියෙ නිදාගෙන අතට දුන්නට ගන්නෙත් නැති නිසා මං කරන්නෙ හොරෙන් තියලා එන එක. එහෙම කීප සැරයක්ම මං කරලා තියෙනවා homeless කෙනෙක් දැක්කොත්...
නමුත් මෙහෙ කිසිම ජප්පෙක් හැරිලවත් බලන්නෑ... මං ලාංකිකයි මට එහෙම කරන්න බෑ... මං හැදුණු වැඩුණු පරිසරය එක්ක.
කන්න නැත්නම් එයාලා බඩගින්නෙ. මොකද හිඟා කෑම නීතියට පටහැනි නිසා. Homeless උනත් එයාලා රටේ නීතියට ගරු කරනවා.
ප.ලි. - Homeless අය වෙනුවෙන් ඉදිරිපත් වෙන ස්වෙච්ඡා සංවිධාන රට පුරා තියෙනවා. අසරණ මිනිස්සුන්ට උදව් කරන මුවාවෙන් මුදල් එකතු කරලා වංචා කිරිම ඉතාමත් අවම නිසා එම ස්වෙච්ඡා සංවිධාන මඟින් ලැබිය යුතු සහන homeless අයට ලැබෙනවා.
- සචිනි රාජපක්ෂ ලෙව්කේබණ්ඩාර -
274 Views
Comments