ජපන් රෝගීන් විදේශයන්හිදී අවයව බද්ධ කිරීම ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

ජපන් රෝගීන් විදේශයන්හිදී අවයව බද්ධ කිරීම ඉහළට

ජපන් රෝගීන් විදේශයන්හිදී අවයව බද්ධ කිරීම ඉහළට

රජයේ සමීක්ෂණයකට අනුව ජපානයේ රෝහල්වල රෝගීන් 543 දෙනෙකු විදේශයන්හිදී අවයව බද්ධ කිරීමේ සැත්කම්වලට භාජනය වී ඇත.

 

තෝකියෝව පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් වන Intractable Disease Patient Support Association විසින් කරන ලද අනවසර බද්ධ කිරීම් පිළිබඳ සෞඛ්‍ය, කම්කරු සහ සුභසාධන අමාත්‍යාංශය සමීක්ෂණයක් සිදු කරන ලදී.  

 

අමාත්‍යාංශය විසින් සමීක්ෂණයේ ප්‍රතිඵල පසුගිය දිනක මන්ත්‍රී මණ්ඩලයට වාර්තා කළේය.

 

සමීක්ෂණයට අනුව රෝගීන් එක්සත් ජනපදය සහ චීනය ඇතුළුව අවම වශයෙන් රටවල් 25 ක අවයව බද්ධ කිරීම් සිදුකරගෙන ගෙන ඇති අතර අවම වශයෙන් තැරැව්කාර සංවිධාන හතරක් මේ සඳහා සම්බන්ධ කරගෙන ඇත.

 

සමීක්ෂණය පෙන්වා දෙන්නේ මෙම ගැටළුව පුළුල් ලෙස පැතිරී ඇති අතර ඒ සඳහා දැඩි රෙගුලාසි අවශ්‍ය බවයි.

views

306 Views

Comments

arrow-up