JUN
09
අයිස්ක්‍රීම් යන්ත්‍රයකට මුව තැබූ තරුණයින් තිදෙනෙක් මාට්ටු

21 හැවිරිදි තරුණයින් තිදෙනෙකු තෝකියෝ අසල කැරෝකී සාප්පුවක අයිස්ක්‍රීම් සපයන යන්ත්‍රයකට මුව තබා ගන්නා වීඩියෝ අන්තර්ජාලය හරහා පළ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්ව විද්‍යාල සිසුවෙකු ඇතුළු තිදෙනා පසුගිය නොවැම්බරයේ සයිටාමා ප්‍රාන්තයේ කුකී නගරයේ කැරෝකී දාම අලෙවිසැලකින් වීඩියෝ ලබාගෙන එම වීඩියෝ දර්ශන පෙබරවාරි මාසය දක්වා සමාජ මාධ්‍යවල පළ කර තිබේ.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් චෝදනා පිළිගෙන ඇති අතර එම අවස්ථාවේදී බීමත්ව සිටි බවද පවසා ඇත.
292 Views
Comments