Haneda Airport Access Line ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

Haneda Airport Access Line ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ

Haneda Airport Access Line ඉදිකිරීම සඳහා මුල්ගල තැබේ

විනාඩි 18 ක් වැනි කෙටි කාලයකින් Haneda ගුවන්තොටුපළ සහ තෝකියෝ දුම්රිය ස්ථානය සම්බන්ධ කරන නව මාර්ගයක් වන "Haneda Airport Access Line" ඉදිකිරීම අද (02) ආරම්භ කර තිබේ.

 

මේ සඳහා ආසන්න වශයෙන් යෙන් බිලියන 280ක් ආයෝජනය කෙරෙන අතර එය 2031 දී විවෘත කිරීමට අපේක්ෂා කරයි.

 

JR නැගෙනහිර සභාපති Yuji Fukasawa අද උදෑසන Haneda ගුවන් තොටුපළ ප්‍රවේශ මාර්ගය සඳහා මුල්ගල් තැබීම සිදුකරන ලදී.

 

ඉදිකිරීම් ප්‍රදේශය Haneda ගුවන් තොටුපලේ සිට JR Tamachi දුම්රිය ස්ථානය දක්වා කිලෝමීටර් 12.4 ක් වන අතර Tamachi දුම්රිය ස්ථානයෙන් ඔබ්බට දැනට පවතින Tokaido මාර්ගයට සම්බන්ධ කෙරේ.

 

views

290 Views

Comments

arrow-up