Nozomi 45 දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ (17) සවස 6.30 ට පමණ Hyogo ප්‍රාන්තයේ Himeji නගරයේ JR Sanyo Shinkansen Himeji දුම්රිය ස්ථානය හරහා ගිය Nozomi 45 දුම්රියේ මිනිසෙකු ගැටී තිබේ.
Hyogo Prefectural පොලිස් Himeji පොලිස් ස්ථානය සහ JR West වලට අනුව ඔහු මියගොස් ඇති බව තහවුරු විය.
ඔහු වේදිකාවේ සිට පීලි මතට පනින අයුරු පරිශ්‍රයේ තිබූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබූ බව වාර්තා වේ.
දුම්රියේ සිටි කිසිවකුටත් තුවාල සිදුවී නැත.
අනතුර හේතුවෙන් රාත්‍රී 8.25 වන විට ෂින්-ඔසාකා සහ හිරෝෂිමා අතර ගමනාගමනය ද අත්හිටුවන ලදී.
276 Views
Comments