APR
11
පාපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

පෙරේදා (09) පස්වරු 1.20 ට පමණ කියෝතෝ ප්රාන්තයේ ක්යෝටනාබේ නගරයේ දී රැකියා විරහිත පුද්ගලයකු පැදවූ පාපැදියක් සහ කාර්යාල සේවිකාවක් විසින් පදවාගෙන ගිය පාපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
පිරිමි පුද්ගලයා බිම වැටී හිස තදින් වැදී රෝහලට ගෙන ගිය අතර ඊයේ (10) අලුයම මිය ගියේය.
ඔහු හිස්වැසුම් පැළඳ නොසිටි අතර කාන්තාව පැළඳ සිට ඇත. කාන්තාවට සුළු තුවාල සිදුවී ඇත.
මාරක පාපැදි අනතුරුවලින් බහුතරයක් හිසට තුවාල වීම වන අතර පසුගිය 01 වැනිදා සිට ක්රියාත්මක වූ සංශෝධිත මාර්ග රථවාහන නීතියට අනුව සියලුම පාපැදිකරුවන් හිස්වැසුම් පැළඳිය යුතු වේ.
273 Views
Comments