ජපාන හයිකු කවියෙකු දිවි සැරියට සමු දෙයි

හයිකු කවියෙකු වන සවා කෝමා (සැබෑ නම සාවා ටකාෂි) පසුගිය 07 වැනිදා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවිය.
ඔහුගේ අවසන් කටයුතු පවුලේ අය විසින් සිදු කරන ලදී.
තෝකියෝ හි උපත ලද ඔහු Shigenobu Takayanagi යටතේ අධ්‍යාපනය ලැබූ අතර Haiku Research සඟරාව සංස්කරණය කිරීමට සම්බන්ධ විය.
1991 දී ඔහු "කොනිකල්" හයිකු සඟරාව ආරම්භ කළ අතර එහි කර්තෘ සහ ප්‍රකාශකයා ද වේ.
2014 දී ඔහු චිත්‍ර කලාව සඳහා අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
329 Views
Comments