JUL
04
ෂිගා ප්‍රාන්තයේ පාසලක සිසුන් 6ක් රෝහලේ

අද (04) පෙරවරු 11.35 ට පමණ ෂිගා ප්‍රාන්තයේ රිටෝ නගරයේ ඔනෝ හි පිහිටි ජාත්‍යන්තර උසස් පාසලේ වයස අවුරුදු 15 ත් 18 ත් අතර සිසුන් හය දෙනෙකු තාප ආඝාතය හේතුවෙන් රෝහල් ගතකර තිබේ.
ශිෂ්‍ය නායක මණ්ඩලය සඳහන් කරන පරිදි අද පෙරවරුවේ සිට පාසල් ක්‍රීඩා උළෙලක් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙමින් තිබූ අතර දුර පැනීමේ ඉසව්වකදී එක් සිසුවියකට අසනීප වී ඇත.
ඉන්පසුව තවත් සිසුන් පස් දෙනකුද අත් පා හිරිවැටීම සහ විජලනය පිළිබඳ දන්වා තිබේ.
Hikone දේශීය කාලගුණ නිරීක්ෂණාගාරයට අනුව Ritto අසල Otsu නගරයේ උෂ්ණත්වය පෙරවරු 11.30 ට පමණ අංශක 29.5 ක් විය.
285 Views
Comments