MAR
09
කලා වැව ඇත් රජු රේවත මියයයි (PHOTOS)

කලා වැව රක්ෂිතයේ සුන්දරත්වය එක් කළ එහි ජීවත් වූ රේවත නම් දැවැන්ත දළ හස්ති රාජයා මියගොස් තිබෙනවා.
රක්ෂිතය තුළ අනවසර වගා බිමක් සඳහා ඇද තිබූ අනාරක්ෂිත අනවසර විදුලි වැටක ඊයේ රාත්‍රියේ ගැටී විදුලි සැර හේතුවෙන් මෙම හස්තිරාජයා මියගොස් ඇති බවයි පරිසරවේදීන් පවසන්නේ.
වයස අවුරුදු 43ක් පමණ වන මෙම දළ හස්තියා කලා වැව රක්ෂිතයේ සැරිසරන ඇත් රංචුවෙන් වාර්තා වූ විශාලතම හස්තියා බවද පැවසෙනවා.
1240 Views
Comments